පාඩම් අංක 01.
Android පිලිබද ඉගෙන ගනිමු.
Android යනු තවත් එක මෙහෙයුම් පද්දතියකි(operating system).original දුරකථන වලදී androidහි නියම තත්වය භාවිතා කරන අතර (official firmware/stock rom), වර්තමාන දුරකථන බොහොමයක එහි වැඩිදියුණු කරනලද (developed) මෙහෙයුම් පද්දතියක්(Custom rom) යොදා ගනී.
නියමිත මෙහෙයුම් පද්දතියක වැඩ කරන දුරකථනයක(original firmware) සාමාන්යයෙන් ඔබට යම් යම් සීමාවන්ට යටත්ව වැඩ කිරීමට සිදුවේ.
එනම්,
ඇතැම් applications(apps) දුරකථනයේ භාවිතා කිරීමට නොහැකි වීම,ඔබට අවශ්ය ලෙස යම් යම් සෙටින්ග්ස් වෙනස් කිරීමට නොහැකිවීම ආදී කරැණුයි.තවත් කාරණා බොහොමයක් ඔබට කල නොහැකි තත්වයේ පවතී.
නමුත්,
වැඩිදියුණු කරනලද මෙහෙයුම් පද්ධතියක් (custom rom) ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස් මුහුනුවරක් ගනී.
එනම්,
එහිදී ඔබේ දුරකථනයේ original os සහිත දුරකථන වල නොපැමිණි වෙනම ඩවුන්ලොඩ් කිරීමට සිදුවූ ඇතැම් apps දුරකථනය මිලදී ගන්නා විටම එහි අන්තර්ගතව ඇති බව දැක ගැනීමට ලැබෙනු ඇත.එලෙසම විවිධ වැඩ කටයුතු පහසුවෙන් කර ගැනීමටද හැකියාවක් ඇත.
නමුත්,
ORIGINAL OS (Stock rom) වල තිබෙන දුරකථනය ROOT කිරීමේ පහසුව වැඩිදියුණු කරනලද OS (costom rom) වලදී බොහෝවිට ඔබට නොලැබේ.
අන්න එතනදී,
Stock rom සහිත දුරකථනයක් root කල පසු ලැබෙන අසීමිත ලෙස විවිධ කාර්යයන් ඉටුකර ගැනීමට ඇති හැකියාව custom rom සහිත දුරකථනයකදී ඔබට අහිමි වී යයි.
උදා:- stock rom සහිත අවස්ථාවේදී එම os එක internet එකෙන් ලබා ගන්නා යම් යම් software මගින් වෙනස්කම් වලට භාජනය කල හැකි වුවත් costom rom සහිත දුරකථන වල ඔබට සීමා බොහොමයක් පැනවේ.
මොනවාද මේ සීමාවන්.....?
Root කිරීම යනු කුමක්ද..?
පසුව මීලග අදියරේදී ඉගෙන ගනිමු.
එෂාන් සර්.
Wednesday, August 24, 2016
Android පිලිබද දැනගනිමු
Android පිළිබද දැනගනිමු.
පාඩම් අංක 02.
ANDROID....
Stock rom එකක් සාමාන්යයෙන් දක්වන බරට (capacity) සාපේක්ෂව custom rom එකක් බරින් වැඩිවේ.
එලෙසම stock rom අවස්ථාවේදී අදාල දුරකථන සදහා අවශ්ය තරම් firmware internet එකෙහි සහ,software box එකට අදාල server එකෙහි පවතී.
නමුත් custom rom සහිත වර්ථමාන දුරකථන වල firmware files ඩවුන්ලොඩ් කිරීමට නොමැති තරම් වේ.
ඒ අතර පවතින පළමු වෙනස එයයි.
එලෙසම දුරකථනයක් රූට් කිරීමේ පහසුකමද මෙම දුරකථනවලදී සීමා සහිත ලෙස ලබා දී ඇත.
මෙවැනි china දුරකථනයක් ඔබ දැනටමත් භාවිතා කරන්නේ නම් එහි software එක ඔබ විසින් කල්පනාවෙන් භාවිතා කල යුතු වේ.
ඔබ දුරකථන අළුත්වැඩියා කරන අයෙකු නම් හෝ software box එකක් සහිත අයෙකු නම් භාවිතා කරන්නේ samsung,xperia....වැනි ඔරිජිනල් දුරකථනයක් නොවේ නම් අනිවාර්යයෙන් ඔබගේ දුරකථනයේ firmware ෆයිල් එක කොපි කරගෙන තබා ගැනීම වඩාත් යෝග්ය වේ.
නැතිනම් ඔබගේ දුරකථනය software හානි නොවන පරිදි නිවැරදි අවබෝධයෙන් යුතුව භාවිතා කරන්න.
සොෆ්ට්වෙයා හානි නොවන පරිදි,slow වීමකින් තොරව,stuck වීම අවම වන පරිදි භාවිතා කරන්නේ කොහොමද?
අපි ඊළග පාඩමෙන් ඉගෙන ගනිමු......
මෙම පාඩම් මාලාව තව දුරටත් සාර්ථකව ඔබට ලබාදීම සදහා ඔබගේ අදහස් සහ යොජනාවන් ඉදිරිපත් කරන්නේ නම් වඩාත් අගය කොට සලකමි..
එනිසා ඔබගේ අදහස් සහ යෝජනා comment කර වඩාත් සාර්ථක පාඩම් මාලාවක් ලබාදීමට එකතුවන්න......